සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂ මුලිකත්වය දැරූ තාරුණ්යයට හෙටක් සංවිධානයට ප්රධානය කළ රුපියල් මිලියන පහක මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව එහි නිලධාරීන්ගෙන් කළ ප්රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ප්රාග්ධන වෙළඳපොළ පිළිබඳ දැනුවත්වීම සඳහා එම මුදල් වැය කළ බවයි. එහි නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් ධම්මික පෙරේරා 2013 ඔක්තෝබර් මාසයේදී මාධ්යට පවසා තිබුනේ මෙම මුදල් තාරුණ්යයට හෙටක් සංවිධානයට රටේ මුල් බැස ගැනීම පිණිස වියදම් පියවා ගැනීමට සහ ප්රාග්ධන වෙළඳපොළ කටයුතු පිළිබඳ දැනුවත්වීමේ කටයුතු සඳහා යෙදවූ බවයි.
ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ තාරුණ්යට හෙටක් සංවිධානය විසින් මේ සම්බන්ධ යෝජනා මාලාව සුරැකුම් පත් සහ විනිමය කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳ සළකා බලා අරමුදල් සැපයීමට තීරණය කල බවයි. සුරැකුම් විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා සහ කොමිසම් සාමාජිකයන්ගෙන්ද මේ සම්බන්ධව ප්රකාශ සටහන් කරගෙන තිබේ.









