ප්රංශයේ ඇල්ෆ් කඳු ප්රදේශයේ දී ඊයේ (24) අනතුරට ලක්ව කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් සහිත ස්ථානයට සහන සේවා කණ්ඩායම් ලඟා වී ඇති අතර මිය ගිය අයගේ සිරුරු සෙවීමේ කටයුතු මේ වනවිට ක්රියාත්මක බව වාර්තා වේ. අනතුරින් ගුවන් යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනා ඇතුළු 150 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව ප්රංශ ආරක්ෂක අංශ ප්රකාශ කරයි.
ගුවන් යානයේ ගමන් කළ පිරිස අතර ළමුන් 16 දෙනෙකුද ගමන් කර ඇති බව වාර්තා වේ. මිය ගිය අය අතර ජනප්රිය ඔපෙරා ගායිකාවක් වන මාරියා රාඩ්නේර් සහ ඇගේ සැමියා සහ දරුවාද සිටින බව වාර්තා වේ.














