උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් සිට පැමිණි සිංහල, දෙමළ, මුස්ලිම් වගේම බෞද්ධ, කතෝලික, හින්දු සහ ස්ලාම් හැමෝටම සතුටින් ජීවත්වෙන්න පුළුවන් රටක් ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගොඩනගනවා යනුවෙන් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජි සාවිත්රි පෝල්රාජ් පැවසීය.
මේක ආරම්භයක් විතරයි. මේ අවසන් කරන්නේ මේ ආණ්ඩුව පන්නාදැමීමෙන්. අද කිරිබොන දරුවාගේ සිට ගෑස් පෝලිමේ මැරී වැටෙන අවුරුදු 71ක මහල්ලා දක්වා සියලු දෙනාම පීඩාවට පත්කර අවසන්. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න දෙවන්න නොසිතා පෙළ ගැසෙමු.










