අධික වැසි සමග ඇති වූ අපදාවලින් 14ක් මරණයට – ලක්ෂ 02කට අධික පිරිසකට පීඩා…

අධික වැසි සහිත තත්වය නිසා දිවයිනේ පළාත් කිහිපයක පවතින අයහපත් කාලගුණයත් සමග ඇතිවූ ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවය.

ඊට අමතරව 245,212 දෙනෙකු නායයෑම් සහ ගංවතුර ආපදා හේතුවෙන් විවිධ පීඩාවන්ට ලක්ව ඇති බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්