A special letter from President’s lawyer Rienzi Arsakularatne to Cardinal… Doubts about Sajith

In a letter to Archbishop Malcolm Cardinal Ranjith, President's lawyer Rienzi Arsakularatne asks whether it is possible to believe that justice will be served regarding the terrorist attack on Easter day on April 21, 2019, if Samagi Jana Balawegaya candidate Sajith Premadasa wins this year's presidential election.
In the letter dated today (15) and addressed to Cardinal Malcolm Ranjith, President's lawyer Rienzi Arsakularatne says that despite Cardinal's and others petitions submitted to the Supreme Court stating that Deshbandu Tennakoon is unfit to hold the position of Inspector General of Police, Professor Agalakada Sirisumana Thero, who requested the Supreme Court to remove the interim order imposed on former Inspector General of Police Deshbandu Tennakon and to dismiss all the above cases filed by the petitioners, has now become a strong supporter of Sajith Premadasa's election platform.
In his letter, President's lawyer Rienzi Arsakularatne further asks Cardinal Malcolm Ranjith whether, if presidential candidate Sajith Premadasa becomes President, justice will be served in his administration regarding the attack on Easter Sunday.
The letter, sent with copies to 14 Episcopal Bishops states:
“අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් වහන්සේ වෙත,

අති උතුම් හිමිපාණෙනි,

පාස්කු ඉරු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍ය ලෙසම යුක්තිය ඉටුවේවිද

දේශබන්දු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බවට කරුණු දක්වමින් ඔබවහන්සේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SCFR 72/ 2024 දරන මූලික අයිතිවාසිකම් නඩුව පවරා ඇත.

එකී නඩුවේ දී ඔබවහන්න්සේ විසින් වෙනත් කරුණුවලට අමතරව ප්‍රකාශකර සිටියේ දේශබන්දු තෙන්නකෝන් යන අය පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධිත පුද්ගලයෙකුවීම ඔහුට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සකස් කළ ජනාධිපති කොමිෂන් සභාව විනයානුකූලව ක්‍රියා කිරීමට නිර්දේශකර තිබීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අංක SC 107/ 2011 දරන අඬු තීන්දුව ප්‍රකාශ කරමින් දේශබන්දු තෙන්නකෝන් යන අය එකී නඩුවේ පෙත්සම්කරුට කෘර සහ අමානුෂික ලෙස වද හිංසාකර ඇති බව තීරණය කිරීම යන කරුණු මත එකී දේශබන්දු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය දැරීම නුසුදුසු බවයි.

ඉහත කී නඩුව සහ ඊට සම්බන්ධ නඩු වන අංක SCFR 67/ 24, 68/ 24, 71/ 24, 75/ 24, 79/ 24, 80/ 24, 82/ 24, 84/ 24 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024. 07. 24 වන දින සලකා බැලීමෙන් අනතුරුව එකී දේශබන්දු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරයෙහි තවදුරටත් ක්‍රියා කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බව මහජනතාව හොඳින් දන්නා කරුණකි.

එකී අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුව පූජ්‍ය මහාචාර්ය අගළකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේලා දෙදෙනෙකු විසින් ඉහත කී නඩුවලට මැදිහත්කාර වගඋත්තරකරුවන් ලෙස ඇතුල්වීමට අවසර පතා 2024. 08. 29 දිනැති මැදිහත්කාර පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකරමින් වෙනත් දෑට අමතරව ඉල්ලා ඇත්තේ 2024. 07. 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සහ ඔබවහන්සේ සහ සෙසු පෙත්සම්කරුවන් විසින් පවරන ලද ඉහත කී නඩු සියල්ලම නිෂ්ප්‍රභාකරන ලෙසයි.

ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගළකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ සහ සෙසු මැදිහත්කාර පෙත්සම්කරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැදිහත්කාර පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කිසිම ගැටළුවක් නොමැති අතර එකී පූජ්‍ය මහාචාර්ය අගළකඩ සිරිසුමන ස්වාමින් වහන්සේගේ නිසැක ස්ථාවරය වන්නේ දේශබන්දු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බවයි.

එම ස්ථාවරය ඔබවහන්සේ විසින් දේශබන්දු තෙන්නකෝන් යන අය පොලිස්පති ධුරය හෙබවීම සම්බන්ධයෙන් දරණ ස්ථාවරයට හාත්පසින්ම වෙනස් ස්ථාවරයක් බව පැහැදිලිය.

ඉහත කී මැදිහත්කාර පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගළකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ 2024. 09. 11 වන දින පවත්වන ලද ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ මහා සංඝ සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියේ ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත්වීමට තරග වදින අපේක්ෂකයින් අතරින් මේ රටට ගැලපෙන සහ මේ රට භාර ගැනීමට සුදුසු එකම නායකයා වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි.

ඒ බව එදින රාත්‍රියේ නමය පනස් පහට විකාශය වූ හිරු ටීවී ප්‍රවෘත්ති මඟින් විකාශය කරන කරන ලදි.
 ඉහත කී පූජ්‍ය මහාචාර්ය අගළකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ එම මතය දැරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නොනගින අතර එයද උන්වහන්සේගේ නීත්‍යානුකූල අයිතිවාසිකමකි.

නමුත් ඉහත සිදුවීම ආශ්‍රයෙන් ගත් කළ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වුව හොත් පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සෙවීම සඳහා නිසි විමර්ශනයක් සිදු කරාවිද යන්න නම් ගැටලුවකි.

එබැවින් පාස්කු ප්‍රහාරය වින්දිතයන්ට යුක්තිය ඉෂ්ට කිරීමේ කිරීමේ ඒකායන අරමුණකින් කටයුතු කරන ඔබවහන්සේගේ අවධානය පිණිස මෙසේ දැනුවත් කිරීමට මා අදහස් කළෙමි”
 

Facebook
Twitter
LinkedIn