ෆේස්බුක්වලට එරෙහිව පැමිණිලි පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
දේශීය
2010 ජූලි 14 වෙනි බදාදා, 07:54

facebook.jpgෆේස්බුක් වෙබ් අඩවියට එරෙහිව පැමිණිලි 50කට වඩා ලැබී ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසනවා. ඉන් පැමිණිලි 20ක්ම ලැබී ඇත්තේ පසුගිය මාස දෙක ඇතුළතය. එම කාර්යංශය පවසන්නේ ෆේස්බුක් වෙබ්අඩවියේ ලියාපදිංචි වී ඇති පුද්ගලයන්ගේ ඡායාරූප ලබාගෙන ඒවායින් ඉතා අසභ්‍ය ඡායාරූප නිර්මාණය කර ඇති බවයි.
 
ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම පාලනය කරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් ඉල්ලා ඇතිබව පොලිස් ළමා හා කාර්යංශය  පවසයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලි සන්දේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂක අනූෂ පැල්පිට මහතා පවසන්නේ ඔවුන්ට එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
කෙසේ වෙතත්, අනූෂ පැල්පිට මහතා පවසන්නේ එය පුද්ගල අයිතියක් බවයි. එමෙන්ම එය රටේ කීර්ති නාමයට හානියක් බවත් අන්තර්ජාල පරිහරණය අඩුවීමට හේතුවක් වනු ඇති බවත් අනූෂ පැල්පිට මහතා ප්‍රකාශ කරයි.
 
පරිගණක සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ඇතත් ශ්‍රී ලංකාව වැනි රටක එය ප්‍රායෝගික නොවන බවයි පැල්පිට මහතා සදහන් කරන්නේ.
 

Comments (1)

Subscribe to this comment's feed
...
ගඟේ නෑමට ගොස් දියේ ගිලී කිහිප දෙනෙකු මිය ගිය පලියට සියල්ලන්ටම ගංඟා වලින් නෑම තහනම් නොකරන්නා සේම, අනතුරු සිදු වූ පලියට වාහන පරිහරනය තහනම් නොකරන්නා සේම, එක් ස්ත්‍රියක දූෂණය වූ පමනින් සියලු පුරුෂයන්ගේ අවයව කපා දැමීම ප්‍රයොගික නොවන්නා සේම, ෆේස්බුක් පරිහරනය ඉතා ප්‍රචලිතව ඇති මේ අවදියේ එය අපහරණය කරන පිරිසට පමණක් දඬුවම් ලබා නොදී සියල්ලන්ගෙම අයිතිය උදුරා ගැනීම අසාධාරණ බව මාගේ හැඟීමයි.
Sahan , ජූලි 14, 2010

Write comment


busy
 
                     
                       
                                               

Radio LT අහන්න...


listen with Window Media Player   listen with Winamp   listen with iTunes   listen with RealPlayer

මත විමසුම

ජනාධිපතිධූර කාලය දීර්ඝ කරන, ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපති යටතට පවරා ගන්නා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඔබ අනුමත කරනවාද?
 

001.jpg

Facebook Fanbox 1.5.x.0

prageethl.jpg

අතුරුදහන්වූ මාධ්‍යවේදී එක්නැලිගොඩ පිළිබද පරීක්ෂණ කඩිනම් කරනු!